Sunday, January 6, 2013

8 stories for 2013

2013 පිලිබඳ අනාවැකි 8ක්


1.  සිරියාව සහ අසල්වැසි රටවල් අතර පවතින අර්බුදකාරී වාතාවරණය.

එක්සත් ජාතීන්ගේ වාර්තා මේ වනවිට හෙලිකර ඇති ආකාරයට සිරියාවේ අවුරුදු 2ක් පුරා පැවති යුද්ධයෙන් මියගිය සංඛාව 60,000 ඉක්මවන බවත් අවතැන්ව ඇති පවුල් ගණන 200,000 ඉක්මවන බවත් වාර්තා වේ.සිරියානු ජනාධිපති බෂර් අල් හසන් අස්සාද් හට 2013 වසර සිරියාව පාලනය කිරීමට හැකිවේද යන්න ගැටළු සහගත වී ඇත.මේ වනවිට උතුරු සහ නැගෙනහිර ප්‍රදේෂ සිරියානු පාලනයෙන් ගිලිහී ගොස් ඇති අතර අග නගරය වන ඩැමස්කස් හි වැසියන්ටද යුධ බිය මේ වනවිට දැනෙමින් පවතී.රුසියාවෙන් ලැබෙමින් තිබූ සහයද මේ වනවිට අඩු වෙමින් පවතින අතර අසල්වැසි රාජ්‍යයන් වන තුර්කිය,කටාර්,සවුදි අරාබිය සහ ඉරානයද මේ වන විට අර්බුදකාරී ස්වභාවයන්ට පතව සිටීමද සිරියාවට අවාසි සහගත තත්වයක් වී ඇත.



මේ අතර ම්ලියන 4 කට වැඩි සිරියානු වැසියන් අවතැන් කඳවුරුවල පසුවන අතර මේ වනවිට අදික ශීතල සහ තද වැසි හේතුවෙන් ක්ශය රෝගය වැනි වසන්ගත රෝග තත්ව පැතිරීමේ අවදානමක් උද්ගතව ඇති අතර අලෙප්පෝ නගරයට සාගතය හා මන්දපෝෂන තත්වයක් උද්ගතව ඇත.

මේ වනවිටත් ජනාධිපති බෂර් අල් හසන් අස්සාද් ගේ පාලනයට එරෙහි කැරලි සිරියාව පුරා දරුණු ලෙස වර්ධනය වෙමින් පවතී.


2. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳ ගැටළුව.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිලිබඳව කලක පටන් ලෝක ප්‍රජාවගේ දැඩි අවදානය යොමුව තිබින. සිරියාවේ හටගත් සිවිල් යුද්ධයත් සමග මෙම තත්වය තවත් වර්ධනය විය.සිරියානු ජනාධිපති බෂර් අල් අස්සාඩ් හට සහාය පලකරන ඉරානය නොකඩවා අවිආයුධ සහ යුධ උපදෙස් ලබාදෙමින් අල් අස්සාඩ් ගේ හමුදාවන් ශක්තිමත් කරමින් සිටී.මෙහි අවදානම් පැත්ත වන්නේ සිරියාවේ රසායනික අවි වැඩපිලිවෙලටද ඉරානයේ තාක්ෂණික සහය නොකඩවා ලැබීමයි.මෙම වැඩසටහන යටතේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වෙත රොකට් සහ බැලස්ටික් මිසයිලද ඉරානය විසින් ලබාදී තිබේ.ඉරානය සහ ඊස්‍රායලය අතර පවතින මතභේදය මීට හේතු වී තිබෙනවා.

 

පසුගිය වසරේ පැවැත්වූ නාවුක මෙහෙයුමේදී ඉරානය විසින් නවතම මිසයිල කිහිපයක් සාර්ථකව අත්හදා බලා තිබුනා.
ලෝක න්‍යෂ්ඨික ශක්ති සංවිධානය පවසන පරිදි 20% ආරෝපිත යුරේනියම් ශක්තිය එරට ජනතාවගේ අවශ්‍යතාවයටත් වඩා වැඩි බව පවසයි.


ඇමරිකාව සහ ඉරානය අතර පවතින ද්වීපාර්ෂික මතභේද සහ සම්භාදක නිමාවට පත්වීම කෙසේ සිදුවේද යන්න තවත් ඇති ගැටළුවකි.මේ අතර මෙම වසරේ ජුනි පැවැත්වීමට නියමිත ඉරාන ජනාධිපතිවරණය මේ සියල්ලටම විසදුම් ගෙනදේද?

3. උතුරු කොරියාවේ අවධානය කුමන අතකට හැරේද?

ඇමරිකාව යෝජනා කරන්නා වූ න්‍යෂ්ඨික වැඩපිළිවෙලකට උතුරු කොරියාව සූදානම් නොමැති වීම තුල ඔවුන් විසින් දීර්ග කාලයක පටන් සිදුකරගෙන ආ න්‍යෂ්ඨික වැඩසටහන හා එම අත්හදා බැලීම් 2013 වසරේදීත් අඛණ්ඩව සිදුවනු ඇත.2012 මැයි මාසයේ ඇමරිකානු විදේශ කටයුතු මණ්ඩලයේ පීටර් බෲක්ස් කියා සිටියේ "උතුරු කොරියාව ලේකයට අවිනිෂ්චිත අවධානමක් සහිත රටක් " බවයි.ඔහු මේ බව කියා සිටියේ උතුරු කොරියාවේ පාලක කිම් ජුන්ග් උන් ගේ අත්දැකීම් අඩු බව නිසා ලෝකය තුල දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනැගීමට දරණ උත්සාහය තුල මෙම අවදානම පවතින බවයි.


දකුණු කොරියානු විද්‍යාඥයින් පවසන ආකාරයට පසුගිය දෙසැම්බරයේදී අත්හදා බැලූ දිගු දුර විදින බැලස්ටික් මිසයිලය ඇමරිකාවේ බටහිර ප්‍රදේශ දක්වා එල්ල කිරීමේ හැකියාවක් පැවතින බවයි.


මීට පෙර 2006 සහ 2009 වසර වලදීද න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම් දෙකක් උතුරු කොරියාව විසින් සිදුකරනු ලැබුවා.මේ වනවිට මෙම තත්වය දේශපාලනික විසඳුමක් දක්වා දුරදිග ගොස් ඇති අතර කිම් ජුන්ග් යුන්ග් විසින් පසුගිය වසරේ උතුරු කොරියාවේ ආර්ථික කඩාවැටීම දෙස බලා තම අදහස් වෙනස් කරගතහොත් මෙම පවතින අවදානම් තත්වය පහව යා හැකියි.

4. චීන-ජපාන දූපත් අර්බුදය

චීනයේ නැගෙනහිර මුහුදේ පිහිටි දූපත් සම්බන්ධයෙන් චීනය සහ ජපානය අතර හට ගෙන ඇති අර්බුදකාරී වාතාවරණය ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ නැවත බලයට පත්වීමත් සමග වර්ධනය වන ලකුණු පහලවී තිබෙනවා.

ජපාන අගමැති දිගින් දිගටම කියා සිටියේ චීනයේ සිදුවන සීග්‍ර බලය වර්ධනය වීම සය එම බලය ව්‍යාප්ත කිරීමට ගන්නා උත්සාහය තුල අවට රටවල් දැඩි අවදානමකට කල්වන බවයි.2012 වසර පුරාම චීනය සහ ජපානය සීතල යුද්ධයක නිරත වී සිටියා.මුහුදු සීමා තුල සිදුවන මත්ස්‍ය ව්‍යාපාරය නිසා දෙරටේම මුහුදු සීමා ආරක්ෂක වැඩපිලිවෙලවල් තර කරනු ලැබුවා.මේ අතර ගිය වසරේ පැවති ජපාන මැතිවරණයට පෙර චීනය විසින් නියමුවන් රහිත මුර සංචාරක යානා ජපාන ගුවන් සීමාවට අනවසරයෙන් යවා තිබුනා.


මෙම අර්බුද පැනනැගී ඇති දූපත් ජනශූන්‍ය වුවත් ඒවා අවට මුහුදු ප්‍රදේශ තෙල් සහ ගෑස් නිධි වලින් පොහොසත් බවට මත පල වීමත් සමග මෙම අර්බුදකාරී ස්වභාවය හටගැනුනා.මේ වනවිට චීනය තම යුධමය ශක්තිය විශාල ලෙස වැඩි කර ඇති අතර ජපානයද තම නාවික ශක්තිය වැඩි කරනු ලැබුවා.මෙම නිසා ඉතා කුඩා සිද්ධියක් උවත් විශාල යුද්ධයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා.


විද්වත් මතය වී ඇත්තේ යම්හෙයකින් යුද්ධයක් ඇතිවුවහොත් රටවල් දෙකටම විශාල අලාභයක් සිදුවන බවයි.දෙරටම ලෝකයේ ප්‍රධාන වෙළදපොලවල් හසුරුවන රටවල් වීම මෙයට ප්‍රධාන හේතුවයි.

මේ වනවිට ජපානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා තිබෙනවා.එරට දළ ජාතික නිශ්පාදනයෙන් 240% ක ණය බරක් දැනටමත් පවත්වාගෙන යනවා.මෙය ග්‍රීසියේ පවතින තත්වටත් වඩා වැඩි අගයකි.ජපාන බැංකු විසින මෙම ණය ප්‍රමාණයෙන් බහුතරයක් දරාගෙන සිටී.

5. ඇමරිකානු ආර්ථික පසුබෑම සහ චීනයේ ආර්ථික නැග්ම

ලෝකයේ තුන්වන විශාලම ආර්ථිකය තවදුරටත් පවතීද යන්න මතභේදයට තුඩු දෙමින් පවතිනවා.එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව 2.2% ක පසුබෑමක් පසුගිය වසරේ වාර්තාවුනා.මේ වනවිට යුරෝපයද දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව ඇති අතර බ්‍රසීලයේ සහ ඉන්දියාවේ ආර්ථික නැග්ම පසුගිය වසරේ අඩාල වූවා.


මේ වනවිටත් ධවල මන්දිරය සහ කොන්ග්‍රස් සභාව අතර දැනට ඇමරිකාව මුහුනපා ඇති ආර්ථික අවපාතය අවම කර ගැනීමට සාකච්චා පැවැත්වෙනවා.මේ අතර යෝජනා ලෙස ඉදිරි අයවැයේදී වැය ශීර්ෂය අවම කිරීමත් දැනට පවතින බදු වැඩි කිරීමටත් යෝජනා වී තිබෙනවා.මේ අනුව ආර්ථික කප්පාදුවකට යොමු වීමේ ඉඩකඩක් පවතින බවත් රැකියා විරහිත ප්‍රතිශතය 9% ද ඉක්මවා යා හැකි බවට මත පලවෙයි.


පසුගිය සැප්තැම්බරයේ ඇමරිකාව "PriceWaterhouseCoopers" ගණනයන්ට අනුව "AAA" තක්සේරුවෙන් ඉවත්කරනු ලැබුවා.දැනට පෙන්වා ඇති අනාවැකි අනුව 2013 වසරේදී ඇමරිකානු ආර්ථිකය 2% වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවයි.


මේවනවිට චීනය තම අපනයන වෙළඳපොල සහ යටිතල පහසුකම් නැංවීම අතින් ප්‍රබල ස්ථානයක පසු වෙනවා.මේ අතර ප්‍රයිස්වෝටර්කූපර්ස් (PriceWaterhouseCoopers) පෙනවාදෙන අන්දමට 2013 වසරේ ලෝකයේ සිල්ලර වෙළඳාම අතින් 10.5% වර්ධනයක් චීනය පෙන්නුම්කරනු ඇති බවයි.මේ අනුව 2016 වනවිට ඇමරිකාව අභිබවා චීනය ලෝක සිල්ලර වෙළඳාමේ මුල්තැනට එනු ඇත.


6. සයිබර් යුද්ධය 2013 දීත් වර්ධනය වන ලකුණු.

ෆ්ලේම්(flame),ගවුස්(Gauss) සහ ෂෑමූන්(Shamoon) යනු 2012 වසරේ මුදාහල දරුණුම පරිගණක වයිරසයන්ය.කැස්පර්ස්කී(Kaspersky) පරීක්ෂනාගාර වාර්තාවලට අනුව ෆ්ලේම් යනු මෙතෙක් දුටු විශාලම සහ බහුශ්‍රැත ලෙසම නිමැවූ වයිරසයකි.මැදපෙරදිග අන්තර්ජාල බැංකුකරණ තොරතුරු සියල්ලක්ම ගවුස් වයිරසය මගින් සොරාගනු ලැබුවා.ඉන්පසු පැමිණි ෂෑමූන් වයිරසය සවුදි තෙල් සමාගමක් වූ අරම්කෝ(Aramco)හි පරිගණක 30000 පමන දත්ත සම්පූර්ණයෙන්ම මකා දමනු ලැබූවා.සවුදි රජය විසින මෙය එරට ආර්ථිකයට එල්ලවූ ප්‍රබල පහරක් ලෙස දැනුම්දුන්නා.කැස්පර්ස්කී සමාගම අනුමාන කරන ආකාරයට 2013 යනු ව්‍යාපාරික බලවතුන් ඉලක්ක කරගෙන සිදුවිය හැකි සයිබර් ප්‍රහාර සහ ජංගම දුරකථන ඔස්සේ සිදුවිය හැකි ප්‍රහාර ප්‍රධාන වියහැකි බවයි.


ඇමරිකානු ආරක්ෂක ලේකම් ලියෝන් පනේටා පෙන්වාදෙන අන්දමට 2009/11 කාලයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර වලින් සිදුවූ භෞතික හානියට වඩා වැඩි හානියක් ඉදිරියේදී සයිබර් ප්‍රහාර හරහා බලාපොරොත්තුවිය හැකි  බවයි.



7. ඊලඟ පාපන්දු මැෂිම කවුරුන් වේද?

2013 වසර පාපන්දු පිටියේ සිදුවිය හැකි සිදුවීම් අතර මෙම වසරේ පැවැත්වීමට නියමිත යුරෝපීය පාපන්දු උළලේදී ප්‍රබල බාසිලෝනා පිල පැරදවීමට හැකිවේද? අද්විතීය පාපන්දු ශූරයකු වන ලයනල් මෙසී ද ක්‍රිඩාකරනු ලබන්නේ මෙම පිලට වීම අභියෝගයට කරුණකි.ඔහු විසින 1972 දී පිහිටවූ කැලැන්ඩර් වසරක් සඳහා රැස් කල වැඩිම ගෝල ගනණ ලැසී විසින් බිඳහෙලනු ලැබුවා.




8. ගැග්නම් ස්ටයිල් පැරදවීමට මෙම වසරේ හැකි වේද?

යූ ටියුබ් (youtube)හි වැඩිම පිරිසක් අඩුම කාලයක් තුල නැරඹූ වීඩියෝ පටය ලෙස ඉතිහාසයට එකතු වීමට "Gangnam Style" හට හැකිවුනා.දෙසැම්බර් 26 වනවිට මෙය නටඹා ඇති ගණන 1,054,969,395 වන අතර එයට කැමැත්ත පල කල ගණන 6,351,871 වන බව වාර්තා වෙනවා.