Sunday, December 30, 2012

2012 Year Review Around the World

2012 වසරේ ලෝකය පුරා සිදු වූ දේ.........

2012 - ජනවාරි

Mitt Romney at the Iowa Caucuses - USA
ඇමරිකානු ජනධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පාක්ෂික අපේක්ෂක මිට් රොමිනි නාමයෝජනා බාරදීම සිදු කරනු ලැබුවා. දැනට සිටින ඇමරිකානු  ජනධිපති බැරැක් ඔබාමා සමග කරට කර තරඟ වදින්නේ මිට් රොමිනි ය.මෙසේ නාමයෝජනා බාර දීමෙන් පසුව මිට් රොමිනි කියා සිටියේ "අපි ධවල මන්දිරය වෙනස් කර නැවත ඇමරිකාව හරි මාර්ගයට ගෙනෙන බවයි ".  ජනවාරි 4


 ඇමරිකානු නිලි මෙරිල් ස්ට්‍රීප් රඟ පෑ "අයන් ලේඩි" චිත්‍රපටයේ මංගල දර්ශනය ලන්ඩනයේදී තිරගත වූවා. මෙහිදී ඇය "මාගරට් තැචර්" චරිතයට පණ පොවනු ලැබුවාය.  ජනවාරි 5

දකුණු අප්‍රිකානු ජනාධිපති ජැකොබ් සූමා, අප්‍රිකානු නැෂනල් කොන්ග්‍රසයේ 100 සංවත්සරය සමරනු ලැබුවා. ජනවාරි 6



හිටපු හෙවිවේට් බොක්සිං ශූරයකු වූ මොහොමඩ් අලී තමන්ගේ 70 වෙනි උපන් දිනය සමරනු ලැබුවා.මෙහිදී ඇමරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ද ඔහුට සුබ පතා තිබුනා. ජනවාරි 17

The Costa Concordia disaster - Italy
සුඛෝපබෝගී මගී නෞකාවක් වූ කොස්ට කොන්කෝඩියා නැව ඉතාලියේ ඉසොලා දි ගිග්ලියෝ වෙරළ තීරයේදී පෙරලී ගියා. ජනවාරි 15

Syria crisis: pro and anti-Assad protests - Syria
සිරියාවේ ජනධිපති බෂර් අල් අසඩ් ගේ පාක්ෂිකයන් හා ඔහුගේ පාලනයට විරුද්ධ පිරිස් අතර උද්ගෝෂන හට ගැනුනා. ජනවාරි 22



Falklands protest - Arjentina
ආජන්ටිනාව හා එක්සත් රාජධානිය අතර ෆෝක්ලන්ඩ් දූපත් මුල් කරගෙන ඇති වූ මත බේදාත්මක තත්වයට වසර 30ක් පිරීම වෙනුවෙන් අජන්ටිනාවෙ බ්‍රිතාන්‍යය තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂනයක් පැවැත්වුනා.  ජනවාරි 25



2012 - පෙබරවාරි
anti-Putin protest in Moscow - Russia
රුසියාවේ අගමැති පුටින් ගේ පාලනයට විරුද්ධ ජන උද්ගෝෂනයක් මොස්කව් අගනුවරදී පැවැත්විනි.පෙබරවාරි 4



Protests in Greece - Greece
ග්‍රීසියේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එරට බලධාරින්ගේ ලිහිල් ක්‍රියා පිලිවෙතට විරුද්ධවජනතා උද්ගෝෂන හට ගත්තා.මෙම පිරිස් කලහකාරි ලෙස හැසිරීම නිසා පොලීසියට මැදිහත් වීමට සිදු වූ අතර උද්ගෝෂකයින් විසින් සාප්පු සංකීර්ණවලට ගිනි තැබීම් හා අලාබහානි කිරීම් ද සිදුවුනා.පෙබරවාරි 12


Aung San Suu Kyi election campaign - Burma
බුරුම විපක්ෂ නායිකා අවුන්සාන් සූකී තම මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් ජනතා රැලි වලට සහභාගී වූවාය. පෙබරවාරි 11


The Duchess of Cambridge’s official visits - London
එක්සත් රාජධානියේ රජ පවුලේ නවතම සාමාජිකාව කේට් කුමරිය ගේ ප්‍රථම තනිව
සහභාගී වූ සංචාරය , කේම්බ්‍රිජ් හි "ලිවර් පූල්" නම් සමාජ සේවා සංවිධානයට ආධාර
පිණිස කේම්බ්‍රිජ් සරසවියට පැමිණියාය. පෙබරවාරි 14




2012 - මාර්තු
ප්‍රන්ශයේ පාසලක් ඉලක්ක කරගෙන එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ළමුන් තිදෙනෙක් සහ ගුරුවරියක් මිය ගියා. ප්‍රන්ශයේ ටොවුලොවුස් නගරයේ සිදු වූ මේ සිදුවීමෙන් මුළු යුරෝපයම කැලඹී ගියා. මාර්තු 19.




(Health workers hold Westminster rally against NHS changes) - London - Westminster
ජාතික සෞඛ්‍ය සේවයේ වෙනස් කම් වලට විරුද්ධව එන්ගලන්ත සෞඛ්‍ය සේවකයන් උද්ඝෝශනය කරනු ලැබුවා.එන්ගලන්ත පාර්ලිමේන්තුව අසලට එක්වූ සෞඛ්‍ය සේවකයන් මෙසේ උද්ඝෝශනය කරනු ලැබුවා.
මාර්තු 20.


2012 - අප්‍රියල්

(Aung San Suu Kyi won the election ) - Burma
මේ වසරේ පැවති මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂ නායිකා අයුන්සාන් සූකී අති විශිෂ්ට ජයක් ලැබුවාය. අප්‍රියල් 1




(100th Anniversary of the birth of Kim II Sung) - North Korea
උතුරු කොරියාවේ නිර්මාතෘ වූ කිම් අයි සුන්ග් ගේ 100 වෙනි ජන්ම දින සැමරුම අති උත්කර්ශවත් ලෙස පවත්වනු ලැබුවා. දෙනට උතුරු කොරියාවේ පාලකයා වන කිම් ජොන්ග් උන් මොහුගේ මුනුබුරාය.අප්‍රියල් 15


(Ceasefire in Syria) - Syria
සිරියාවට සටන් විරාමයක් නිවේදනය කරනු ලැබුවා.මෙයින් උද්දාමයට පත් සිරියානු වැසියන් ප්‍රීතියෙන් වීදි බැස සතුට පල කලා.අප්‍රියල් 16



(100th anniversary of the sinking of the Titanic) - Halifax, Canada
ටයිටැනික් නැව මුහුදු පතුලේ සැගවී අවුරුදු 100 ක් පිරීම නිමිත්තෙන් අනුස්මරන උත්සවයක් කැනඩාවේ හෙලිෆෙක්ස් නගරයේ පැවැත් වුනා.මෙහිදී එම සිද්ධියෙන් මිය ගිය අයගේ සොහොන් අසල මල් තබා ඔවුන් සිහි කරනු ලැබුවා. අප්‍රියල් 29



2012 - මැයි

(Sudan - South Sudan cinflict over Heglig) - Sudan
සුඩානයත් දකුණු සුඩානයත් අතර හෙග්ලිග් හි පිහිටි තෙල් සම්පත වෙනුවෙන් සටන් ඇවිලුනා.සුඩානය දිගින් දිගටම දකුණු සුඩානය වෙත ප්‍රහාර එල්ල කරමින් හෙග්ලිග් නගරය අත්පත් කර ගත්තා.



(French presidential elections) - France
ප්‍රන්ශ සමාජවාදි පෙරමුණෙන් තරඟවැදි ෆ්‍රෑන්කිස් හොලන්ඩේ , මෙවර පැවති ජනාදිපතිවරනයෙන් හිටපු ජනධිපති නිකලස් සාකෝසි පරදා ජය ලැබුවා. මැයි 6



2012 - ජුනි

(Diamond Jubilee celebrations - Queen Elizabeth II) - United Kingdom
එක්සත් රාජධානියේ රැජින වන එලිසබෙත් රැජිනගේ 60 වෙනි වජ්‍ර ජයන්ති උළෙල ඉතා උත්කර්ශවත් අන්දමින් සමරනු ලැබීය.1952 දී 4 වෙනි ජෝජ් රජුගෙන් පසුව දෙවන එලිසබෙත් ලෙස ඇය ඔටුනු පැලන්දාය.මේ නිමිත්තෙන් දින දෙකක් පුරා විවිධ උත්සව එන්ගලන්තය පුරා සංවිධානය කර තිබින. ජූනි 2




(1st Presidential elections in Egygt ) - Egypt
ඊජිප්තුවේ ප්‍රථම වරට පැවති ජනාධිපතිවරණයෙන් මොහොමඩ් මෝසි 51.73% ලබා ජයග්‍රහනය කරන ලදි. ජූනි 17



(Syria rebel army on the offensive) - Syria
සිරියානු හමුදාව සහ කැරලිකරුවන් අතර දරුණු සටන් නැවතත් හට ගත් අතර 200 අධික පිරිසක් මේ සටන් හේතුවෙන් මිය ගියා. ජූනි 25


2012 - ජූලි

(Parliamentary elections in Libya) - Libya
මිලියන 2.9 වූ ලිබියානු ජනතාව නව ජාතික කොන්ග්‍රසයක් පත් කර ගැනීම සදහා තම චන්දය භාවිත කරනු ලැබුවා. මුහම්මර් ගඩාෆි ගෙන් පසුව නව දේශපාලන විව්‍යුහයකට ඇතුල් වීම උදෙසා මෙම චන්දය පැවැත්වුනා. ජූලි 7


(British soldiers shots in Afghanistan) - Afghanistan
ඇෆ්ගනිස්තානයේදී බ්‍රිතාන්‍ය සොල්දාදුවන් තිදෙනෙක් මිය යාමේ සිද්ධියක් වාර්තා වුනා.පොලිස් ඇදුමින් සැරසුනු තුවක්කු කරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබිනි. ජූලි 2



(The Shard, Europe's tallest building, opens) - London
යුරෝපයේ උසම ගොඩනැගිල්ල වන අඩි 1016 උසැති "ශාර්ඩ්" ගොඩනැගිල්ල ලන්ඩන් නුවර දී විවෘර්ත කරනු ලැබුවා. ජූලි 5



(2012 olympic games in london) - London
2012 ලන්ඩන් ඔලිම්පික් තරඟාවලිය අති සාර්තකව ලන්ඩනයේ දී පැවැත්වින. ජූලි 27 සිට අගෝස්තු 12 දක්වා පැවැත්වුනු මෙම තරඟාවලියේ සමස්ත ශූරතාව ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 46 ඇතුලුව පදක්කම් 104 දිනා හිමිකර ගත් අතරදෙවෙනි හා තුන්වන ස්ථාන පිලිවෙලින් චීනය සහ එක්සත් රාජධානිය හිමි කර ගන්නා ලදි.මෙවර ලොව වේගවත්ම මිනිසා බවට පත්වූයේ මීටරෙ100 ජය ගත් හුසේන් බෝල්ට් ය.




2012 - අගෝස්තු

(Russian Pussy Riot activists arrested) - Russia
රුසියානු පොලීසිය විසින් එරට ජනාධිපති ව්ලැඩිමියර් පුටින්ට එරෙහිව උද්ඝෝශනය කල පිරිස් අත්තඩන්ගුවට ගනු ලැබුවා. මුලින්ම අත්තඩන්ගුවට ගත්තේ අවුරුදු 20 ත් 30 ත් අතර තරුණියන් තිදෙනෙකි.මෙම අත්තඩන්ගුවට ගැනීමෙන් පසුව ලෝකයේ දැඩි විවේචනයන් රුසියාව වෙත එල්ල වුනා. අගෝස්තු 20




(Julian Assange's first public statement) - London
විකි ලීක්ස් හි නිර්මාතෘ ජුලියන් අසන්ගේ ප්‍රථම වරට ලන්ඩනයේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කලා.මෙහිදී ඔහු වටා රොක්වුණු ජනතාව කෑ ගසමින් කියා සිටියේ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාට හරි දේ කරන ලෙසය. අගෝස්තු 19



2012 - සැප්තැම්බර්

(South Africa mine crisis) - South Africa
දකුණු අප්‍රිකාවේ මරිකානා හි ප්ලැටිනම් පතල් සේවකයන් වැඩ වර්ජනයක නිරත වුනා.පාලකයන් විසින් පතල් සේවකයන්ට ගෙවන ලද දීමනා සම්බන්ද ගැටලුව මෙම තත්වයට හේතු වූවා. සැප්තැම්බර් 14



(paralympics London 2012 ) - London
2012 පැරා ඔලිම්පික් උළෙල ලන්ඩනයේ දී අතිඋත්කර්ශවත් අන්දමින් නිමාවට පත් විය.මෙවර පැරා ඔලිම්පික් උළෙල අගෝස්තු 29 වෙනිදා සිට සැප්තැම්බර් 9 වෙනිදා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වුනු අතර මෙහිදී සමස්ත ශූරතාව චීනය විසින් දිනා ගත් අතර රන් පදක්කම් 95 සහ මුලු පදක්කම් ගනන 231 ක් හිමි කර ගනිමිනි. රුසියාව සහ බ්‍රිතාන්යය පිලිවීලින් දෙවෙනි හා තුන්වන තෙන හිමි කරගත්තා.




2012 - ඔක්තෝම්බර්
(Race for US Presidency) - America
වසර හතරකට වරක් පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය මෙවරත් දැඩි උණුසුම් ස්වභාවයකින් ආරම්බ වූවා. දැනට ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ රිපබ්ලිකන් පාක්ෂික මිත් රොමිනි මෙම චන්ද සටනේ පෙරමුණ ගෙන සිටියා.


(Protests in London against cuts ) - London
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර නැවත වරක් උද්ගෝෂන සහ පෙළපාලි හට ගත්තා.අධික බදු බර මේ උද්ගෝෂන වල ප්‍රධාන පාටය උනා. මේ අතර උද්ගෝෂකයින් පොලීසිය සමග ගැටුම් ද ඇති කර ගත්තා. 
ඔක්තෝබර් 20




(Assassination of Lebanese Intelligence Chief) - Lebanan
ලෙබනනයේ බුද්ධි අංශ නායක බ්‍රිගේඩියර් ජෙනරල් විසාම් අල් හසන් ඝාතනය කරනු ලැබුවා. කාර් බොම්බයක් යොදාගෙන මෙය සිදුවුනු අතර මේ සමගම ඔහුගේ අවමන්ගල්ය උත්සවය නොසන්සුන්කාරී වාතාවරනයක් ට්‍රිපෝලි නුවර වටා වර්ධනය වූවා. සාමසාධක හමුදා ට්‍රිපෝලි නුවර අරක්ෂාව තර කිරීමට පියවර ගත්තා. ඔක්තෝබර් 22



2012 - නොවැම්බර්

(Presidential election 2012) - America
මෙවර පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් නැවතත් බලයට ඒමට බැරැක් ඔබාමාට  හැකි වුනා. රිපබ්ලිකන් පාක්ෂික  මිත් රොමිනි හා බැරැක් ඔබාමා අතර කරට කර තරගයක් පැවති අතර  ඉන් 51% ප්‍රතිශතයකින් ජය ලැබීමට බැරැක් ඔබාමා සමත් විය.
නොවැම්බර් 9



(Xi Jinping chosen as China's new Leader) - China
චීනයේ කොමියුනිස්ට් පාක්ෂයේ ප්‍රධානියා ලෙස සී ජින්පින්ග් පත් කර ගනු ලැබුවා. නොවැම්බර් 15


(Israel-Gaza conflict)  - Gaza
ඊස්‍රායලය නැවතත් තම බලය ගාසා තීරය වෙත මුදා හරිනු ලැබුවා. මේ නිසා ඊස්‍රායල් - ගාසා දේශ සීමාව උණුසුම් තත්වයකට පත් වූවා. නොවැම්බර් 22





2012 - දෙසැම්බර්

(Protests against Russian election) - Russia
රුසියාවේ පැවති චන්දයේ නිකුත් වූ ප්‍රතිපල අනුව පුටින් නැවතත් එරට බලයට පත් වුනා.රුසියාවේ සෑම නගරයකම ජනයා මේ ප්‍රතිපලය පිළිබන්දව තම අසතුට ප්‍රකාශ කල අතර,ඔවුන් ගීතිකා ගයනා කරමින් කියා සිටියේ "පුටින් නොමැති රුසියාවක්" සහ "පුටින් සොරෙකු" බවයි. දෙසැම්බර් 6



(US troops leave Iraq) - Iraq
ඇමරිකාව තම හමුදා නිල වශයෙන් ඉරාකයෙන් ඉවත්කර ගනු ලැබුවා. මේ අතර ඉරාකයේ රැදී සිටි සියලූම ඇමරිකානු සොල්දාදුවන් නැවතත් තම රට බලා පිටත් වුනා.



(School gun fire at Newtown USA) - USA
ඇමරිකාවේ නිව්ටවුන් ප්‍රාන්තයේ පාසලක් තුල සිදු වූ වෙඩි තැබීමකින් පාසල් ළමුන් 20 දෙනෙක්
සහ වැඩිහිටියන් 8 දෙනෙකු ඇතුලුව 28 දෙනෙක් මිය ගියා. මේ සිද්ධියෙන් මිය ගොස් ඇත්තෙ අවුරුදු
5 ත් 10 ත් අතර වයසේ ළමුන් වන අතර දැඩි ලෙස ආයුධ සන්නද්ධ පුද්ගලයකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබුනා. මෙම සිද්ධියෙන් පසුව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විෂේශ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමරිකාවෙ ගිනි අවි භාවිතය පිලිබන්දව දැඩි ගැටලුවක් හට ගෙන ඇති බවයි.