Tuesday, January 8, 2013

Lionel Messi

ලයනල් මෙසී


1987 ජූනි 24 වෙනිදා ආජන්ටිනාවේ රොසාරියෝ හි උපත ලද ලයන්ල් ඇන්ඩ්‍රස් මෙසී දැනට 25 වෙනි වියේ පසුවෙනවා.අඩි 5යි අඟල් 7 උසැති මෙම සුපිරි ක්‍රීඩකයා මේවනවිට ලෝකයේ සිටින සුපිරිම පාපන්දු ක්‍රීඩකයායි.බාසිලෝනා පාපන්දු පිලට අංක 10 යටතේ ඉදිරිපෙල ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩාකරන මෙසී ආජන්ටිනානු ජාතික පාපන්දු කණ්ඩායමද නියෝජනය කරනු ලබනවා.
1995 දී තම පාපන්දු දිවිය අරඹන මෙසී 1995 සිට 2000 දක්වා "නිව් ඒල්ස් ඔල්ඩ් බෝයිස්" ක්‍රීඩා සමාජය නියෝජනය කරන මොහු 2000 සිට මේ දක්වා බාසිලෝනා පිල නියෝජනය කරනවා.මේ අතර ආජන්ටිනානු ජාතික පාපන්දු පිල 2004 සිට මේ දක්වා නියෝජනය කරනු ලබනවා.

Lionel Messi crowned world's best for record fourth time

ලයනල් මෙසී පිට පිට 4 වරක් ෆිෆා රන් පාපන්දුව දිනාගනී.


ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී විශ්වයේ බිහිවූ සුපිරිම පාපන්දු ක්‍රීඩකයා ලෙස කිරුලු පැළැන්දා. පිට පිට 4 වරක් ලොව සුපිරිම පාපන්දු ක්‍රීඩකයාට හිමි රන් ගෝලය දිනාගනිමින් ඔහු මෙම වාර්තාවට හිමිකම් කීවා.බාසිලෝනා පාපන්දු පිලට මේවන විටත් ක්‍රීඩාකරන මෙසී 2009,2010,2011 සහ 2012 යන වසරවල නොකඩවාම ලොව සුපිරිම පාපන්දු ක්‍රීඩකයා බවට පත්වූවා.මීට පෙර කිසිම ක්‍රීඩකයකු 4 වරක් අඛණ්ඩව මෙම සම්මානය හිමිකරගෙන නැත.

ලයනල් මෙසී ගැන කියවන්න

Monday, January 7, 2013

Syrians brush off Assad speech, fighting continues

සිරියාවේ නැවතත් සටන් ඇවිලෙයි.

ඉරිදා දිනයේ සිරියානු ජනාධිපති බෂර් අල් අසාඩ් විසින් ඩැමස්කස් අගනුවර නගර ශාලාවේදී සිදුකල ප්‍රකාශයත් සමග අද දිනයේ නැවතත් සටන් ආරම්භ වූවා.


Sunday, January 6, 2013

දිල්ලි නුවර විරෝධතා හා උද්ඝෝශන



ඊයේ දිනයේත් දිල්ලි නුවර විරෝධතා හා උද්ඝෝශන හට ගැනුනා.වෛද්‍ය ශිෂ්‍යාවක් බස් රථවක් තුලදී පිරිසක් විසින් දූෂනය කිරීමෙන් පසුව පසුගිය 28 වෙනිදා ඇය මිය ගියා.දිගින් දිගටම පැවති විරෝධතා හා උද්ඝෝශන වලදී ජනතාව කියා සිටියේ වරදකරුවන්ට එරෙහිව නීතිය හරිආකාරව ක්‍රියාත්මක කරන ලෙසත් කාන්තා දූෂන මැඩපැවැත්වීමට රජය වහා පියවර ගතයුතු බවයි.ඉන්දීය වාර්තා පෙන්වා දෙන ආකාරයට සෑම විනාඩි 20 කටම වරක් ස්ත්‍රී දූෂන සිද්ධියක් ඉන්දියාව තුල වාර්තාවන බවයි.


ඇමරිකාවේ නව ආරක්ෂක ලේඛම් කවුරුන්ද?

ජනාධිපති බැරැක් ඔබාමා විසින් ඇමරිකාවේ ආරක්ෂක ලේඛම් ලෙස හිටපු සෙනට් සභික චක් හේගල් පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

සිරියානු සාම සාකච්චා බිඳවැටේ

සිරියානු ජනාධිපති බෂර් ඇල් අසාඩ් තම සතුරන් සමග සාම සාකච්චා පැවැත්වීම ප්‍රතික්ෂේප කරයි.තම විරුද්ධවාදීන් වෙත සිදුකල මෙම ප්‍රකාශයත් සමග පැවති යුධමය වාතාවරණයට නව මුහුණුවරක් ලබාදීමක් සිදුවී ඇති බව විචාරකයන් පවසයි.

කාෂ්මීර දේශසීමාව නැවතත් උණුසුම් වේ.

කාෂ්මීර දේශසීමාව මුල්කරගෙන නැවතත් ඉන්දියාව සහ පකිස්තානය අතර උණුසුම් වාතාවරණයක් ඊයේ දිනයේ වර්ධනය විය.මේ තත්වය උඩ දෙරටේ හමුදා අතර ඇති වූ ගැටුමෙන් එක් පකිස්තාන සොල්දාදුවකු හෝ මියයන්නට ඇතැයි සැක කෙරේ.