ලයනල් මෙසී
1987 ජූනි 24 වෙනිදා ආජන්ටිනාවේ රොසාරියෝ හි උපත ලද ලයන්ල් ඇන්ඩ්‍රස් මෙසී දැනට 25 වෙනි වියේ පසුවෙනවා.අඩි 5යි අඟල් 7 උසැති මෙම සුපිරි ක්‍රීඩකයා මේවනවිට ලෝකයේ සිටින සුපිරිම පාපන්දු ක්‍රීඩකයායි.බාසිලෝනා පාපන්දු පිලට අංක 10 යටතේ ඉදිරිපෙල ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩාකරන මෙසී ආජන්ටිනානු ජාතික පාපන්දු කණ්ඩායමද නියෝජනය කරනු ලබනවා.
1995 දී තම පාපන්දු දිවිය අරඹන මෙසී 1995 සිට 2000 දක්වා "නිව් ඒල්ස් ඔල්ඩ් බෝයිස්" ක්‍රීඩා සමාජය නියෝජනය කරන මොහු 2000 සිට මේ දක්වා බාසිලෝනා පිල නියෝජනය කරනවා.මේ අතර ආජන්ටිනානු ජාතික පාපන්දු පිල 2004 සිට මේ දක්වා නියෝජනය කරනු ලබනවා.
මෙසීගේ මුල් අවදිය පිලිබඳව සටහන් කලහොත්, ඔහුගේ දෙමාපියන් ජෝර්ජ් හොරයිසියෝ මෙසී, යකඩ කර්මානත ශාලාවක සේවකයෙකු වන අතර මව සෙලියා මරියා කුසිටිනි, පිරිසිදු කරන්නියකි.මෙසීගේ මුතුන් මිත්තන් ඉතාලීය ජාතිකයන් වන අතර 1883 දී මෙසීගේ දෙමාපියන් ආජන්ටිනාවේ පදිංචියට පැමිණියා.ඔහුට පවුලේ සහෝදරයන් දෙදෙනෙක් සහ එක් සහෝදරියක් සිටිනවා.මෙසී වයස අවුරුදු 5 දීම පාපන්දු ක්‍රීඩාවට යොමුවූයේ තම පියා පුහුණුකරු ලෙස කටයුතු කල ග්‍රැන්ඩෝලි නම් ක්‍රීඩා සමාජයට ක්රීඩාකරමින්ය.1995 දී තමා සිටින නගරයේ (රොසඉරෝ)ක්‍රීඩා සමාජයක් වන "නිව් ඒල්ස් ඔල්ඩ් බෝයිස්" වෙනුවෙන් ක්‍රීඩා කරන මෙසී, 1995 සිට වසර 4ක් පුරා පැවති පාපන්දු තරඟ සියල්ලෙන්ම එක් තරඟයක් හැර අන් සියලුම තර්ඟ ජයග්‍රහනය කිරීමේ ප්‍රධාන සාධකය වූවා.මේ හේතුවෙන් ඒවනවිට රොසඉරෝ හි "87 ගෝල මැෂිම" ලෙස ලැසී ප්‍රසිද්ධියට පත්වූවා.
වයස අවුරුදු 11 දී හෝමෝන වර්ධනය වීමේ ඌනතාවකට ගොදුරුවන ලැසී හට දිගුකාලීන වෛද්‍ය ප්‍රතිකාර නියමවන අතර ඒසඳහා මසකට ඩොලර් 900 කට ආසන්න මුදලක් වැයකිරීමට සිදුවූවා.නමුත් මෙම මුදල දැරීමට ඔහුගේ පවුලට හැකියාවක් තිබුනේ නැත.මේ අතර එවකට බාසිලෝනා පාපන්දු පිලේ ක්‍රීඩා අධ්‍යක්ෂක ලෙස කටයුතු කල කාල් රෙක්සි හට මෙසීගේ පියා සන්දර්ශන පාපන්දු තරඟයක් පවතවන ලදි.මෙහිදී මෙසීගේ ක්‍රීඩා කෞෂල්‍යය දැක එවෙලේම අසල තිබූ අතපිසදමන කොලයක මෙසීහට බාසිලෝනා පිලට ක්‍රීඩා කිරීමට කොන්ත්‍රාත්තුව ලියා අත්සන් කරන ලදී.
මේ අනුව බාසිලෝනා ක්‍රීඩා සමාජය විසින් මෙසීගේ සම්පූර්න වෛද්‍ය වියදම් දැරීමට ගිවිස ගන්නා ලදි.
එතැන් පටන් අද දක්වාම බාසිලෝනා පිල නියෝජනය කරන මෙසී මේවනවිට ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩකයා වී හමාරයි.
මේවනවිට ලොව සිටින පොහොසත්ම පාපන්දු ක්‍රීඩකයා වන්නේ 25 හැවිරිදි ලයනල් මෙසීය.2010 මාර්තු වනවිට ඔහු සතු වත්කම යුරෝ මිලියන 33 වූ අතර මෙය පාපන්දු ලොව සුපිරි තරු වූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඩෙවිඩ් බෙකම් පවා අබිබවා යන අගයක් වූවා.
සමාජ සේවයට ලැදි මෙසී 2007 දී "ලියෝ මෙසී පදනම" නමින් සමාජ සේවා සන්විධානයක් පිහිටවා ඒ හරහා අසරණ දරුවන්ගේ අධ්‍යාපන සහ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් සහාය වනවා.මෙසීගේ කුඩා කාලයේදී මුහුණපෑ රෝගී තත්වය ගැන සිතා ඔහු විසින් අජන්ටිනානු රෝගී දරුවන් හට ස්පාඤ්ඤයට ගොස් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සියලුම වියදම් දරණු ලබනවා.මේ අතර යුනිසෙෆ් සන්විධානය විසින් දරුවන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාකරන තානාපතිවරයකු ලෙස 2010 මාර්තු 11 වෙනිදා මෙසී පත් කරනු ලැබුවා.
මෙසීගේ තරඟ දිවියේ සාරාංශයක් පහත දැක්වෙනවා.
දෙවැනි පෙළ කණ්ඩායම් වාර්තා
පලමු පෙළ කණ්ඩායම් වාර්තා
අන්තර්ජාතික වාර්තා
රන් ගෝල සටහන







