Monday, December 24, 2012

Christmas decorations around the world

ලෝකය  පුරා  අධික  වියදමක්  දරා  නිර්මාණය  කල  නත්තල්  සැරසිලි

නත්තල්  සැරසිල්ලක්  වු  තම  නිවස
එංගලන්තයේ මෙල්ක්ෂම්හි විදුලි කාර්මිකයකු වන Alex Goodhind තම නිවස විදුලි බුබුලු 100,000 කට අධික ප්‍රමාණයක් යොදා විවිධ ආකාරයේ නත්තල් සැරසිලි එකතුවක් නිර්මාණය කර ඇත. මෙම නිර්මාණය ප්‍රදර්ශනයෙන් ලැබෙන මුදල් අනාථ නිවාසයක් වන Dorothy House වෙත ප්‍රදානය කිරීම ඔහුගෙ අරමුණයි.



ජලයේ  පාවෙන  උසම  නත්තල්  ගස.
බ්‍රසීලයේ රිඕ ඩි ජනේරො හි මීටර් 85 උසැති මෙම පාවෙන නත්තල් ගස පාරු 11ක් මත සාදා ඇත.


මීටර් 24 උසෙති නත්තල් ගස
ඇමෙරිකාවේ නිව්යොර්ක් හි Rockefeller සන්කීර්ණයේ නත්තල් ගස.

ලෝකයේ ලොකුම නත්තල් සීයා 
ස්විට්සර්ලන්තයේ සෙන් නිකොලස් හි ඔරලෝසු කනුවක් වටා ඉදි කර ඇති මීටර් 36.5 උසැති නත්තල් සීයා. මෙය ලොව ලොකුම නත්තල් සීයයි.


3D තාක්ෂනය යොදා ගත් නත්තල් සැරසිල්ල
ස්පාඤ්ඤයේ "සෙවිල්ස්" හි 16 වෙනි ශතවර්ෂයේ නගර ශාලා ගොඩනැගිල්ල 3D වීඩියෝ තාක්ෂනය යොදා ගෙන වර්ණවත් කර ඇති අයුරු.

ලොව උසම "ෆර්" නත්තල් ගස.
ස්වීඩනයේ ස්ටොක් හෝම් හි මීටර් 36 උසෙති "ෆර්" ගසක් අලංකාර නත්තල් ගසක් වෙයි.


ජනෙල් සැරසිල්ල
ජපානයේ ටෝකියෝ හි Akasaka Grand Prince හෝටලයේ මීටර් 100 උසැති නත්තල් ගසක් එම හෝටලයේ වර්ණවත් ජනෙල් බාවිතා කොට නිර්මානය කර ඇත.